Siguenos
iBookstore
Android app on Google Play
Like Us
Un programa de
සුපර් නෝවා දඩයක්කාරයෝ!
1 de August de 2012

ඉහත ඇති ඡායාරූපය, එහි ඇති මන්දාකිනියේ ගන්නා ලද විස්තරාත්මකම ඡායාරූපයයි. මෙහි එය ඉතා සාමකාමී ලෙස පෙනුනත්, පසුගිය වසර 30 තුල තාරකා විද්‍යාඥයින් එම මන්දාකිනියේ තාරකා පිපිරුම් දෙකක් නිරීක්ෂණය කර තිබේ.

මෙවැනි සුවිසල් තාරකා පිපිරී යාම සුපර් නෝවාවක් (Super Nova) ලෙස හදුන්වයි. මේවා කෙතරම් දීප්තිමත්දයත්, ඒවා සම්පූර්ණ මන්දාකිනියකට වැඩි දීප්තියකින් සති හෝ මාස කිහිපයක් පායා කෙමෙන් දසුනින් ඉවත්ව යයි. මෙම කුඩා කාල සීමාව තුල සුපර් නෝවාවක් අපේ හිරු එහි ජීවිත කාලය පුරා මුදා හරින ශක්ති ප්‍රමාණයට සමාන ශක්තියක් පිට කරයි.

මෙම මන්දාකිනියේ පළමු වරට සොයාගත් සුපර් නෝවාව, දකුණු ඇමරිකාවේ චිලීහී කාන්තාරයක ඇති සුවිසල් දුරදක්නයක් අධාරයෙන් තාරකා විද්‍යාඥයින් සොයාගන්නා ලදී. නමුත් මෑතම සොයාගැනීම, දකුණු අප්‍රිකානු සාමාන්‍ය වැසියෙක් වන බර්ටෝ මොනාර්ඩ් (Berto Monard) විසින් 2007 දී සිදුකර ඇත. ඔහු තම දුරදක්න ආධාරයෙන් විනොදයට මෙවැනි සුපර් නෝවා පිපුරුම් දඩයම් කරන ලොව පුරා පැතිරී සිටින අයගෙන් කෙනෙකි.

නමුත් සුපර් නෝවාවක් සොයාගන්නේ කෙසේද? දුරදක්න ආශ්‍රයෙන් මන්දාකිනිවල ඡායාරූප ගෙන ඒවා පැරණි ඡායාරූප සමග සංසන්දනය කිරීම එම ක්‍රමයයි. මන්දාකිනියේ කිසියම් කොටසක දීප්ති වෙනසක් සිදුවී ඇත්නම් එය සුපර් නෝවා තාරකා පිපිරීමක් නිසා සිදුව ඇති බව සිතිය හැක.

ඔබ දන්නවාද? - පසුගිය වසරේ කැනඩාවේ දස හැවිරිදි දැරියක් ලොව සුපර් නෝවාවක් සොයාගත් ලාබාලතමයා බවට පත් විය. සමහරවිට ඔබට එම වාර්තාව අලුත් කල හැකියි! ඔබට දුරදක්නයක් නැත්නම්, මෙම වෙබ් අඩවියේ ඇති ඡායාරූප මගින් ඔබටත් සුපර් නෝවාවක් සෙවීම අත්හදා බැලිය හැකිය.

Información adicional

මෙම තොරතුරු ESO මාධ්‍ය නිකුතුවක් ඇසුරිනි.

Share:

More news
14 September 2020
10 September 2020
3 September 2020

Fotografías

¡Cazadores de supernovas!
¡Cazadores de supernovas!

Printer-friendly

PDF File
876,9 KB